top of page
Search

කොහොමද යාලුවනේ.....

හැමෝම හොඳින් ආරක්ෂිතව ඉන්නව නේද.... ඉතිං ඔයාලා මේ සයිට් එකේ තියෙන උපසිරැසි අරගෙන ඔයාලා කැමති කතා බලන්න ඇති කියලා මම හිතනවා.මේක ගොඩක් සයිට් වගේ ලොකුවට පිළිවෙලට නිර්මාණය කරල තියෙන සයිට් එකක් නෙවෙයි. විනෝදාංශයක් විදිහට මම කරන උපසිරැසි ඔයාලට අරගෙන එන්න මම ම මගේ දැනුමෙ හැටියට නිර්මාණය කරගත්ත එකක්. ඒ නිසා ඒකෙ පිලිවෙල නම්ඒ ටිකක්ත් අඩුයි. ඒ වුනත් මම නිර්මාණය කරන උපසිරැසි නම් උපරිම හොඳ තත්ත්වයෙන් කරන්න මම උත්සහ ගන්නවා. කතාවක් බලද්දි ඒක ආසාවෙන් බලන්න පුලුවන් විදිහට ඒ උපසිරැසි ඇති කියලා මම හිතනවා. ඒත් කණගාටුව වෙන්නේ ඔයාලා ඒ ගැන කිසිම අදහසක් නොකියන එකයි. ඔයාලා උපසිරැසි ගනිද්දි ඒ උපසිරැසි වල හොඳ නරක ගැන පොඩි අදසක් දක්වල යනව නම් මම කැමතියි. මොකද ඒකෙන් මගේ අඩුපාඩු හදාගන්න පුලුවන් වගේම තවත් උපසිරැසියක් කරන්න ආසාවක් වගේම උනන්දුවක් ඇති කරන නිසා. ඉතිං මම කැමතියි ඔයාලට කරදරයක් නෙවෙයි නම් ඔයාලා ගන්න උපසිරැසි වෙනුවෙන් පුංචි අදහසක් දක්වල යන එකට...


ree

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page