කතාංග : 06
අද සින්ඩරෙල්ලගෙ උපන්දිනේ. ඉතිං ඔන්න සින්ඩරෙල්ලා ඔයාලට උපන්දින තෑග්ගක් ගෙනාවා. ගෙවිල ගිය උත්සව සමග වෙනුවෙනුත් ඔයාලා වෙනුවෙන් විශේෂ දෙයක් දෙන්න බැරි වුනා. විදුලිය ප්‍රශ්ණයත් එක්ක දවසෙ වැඩ කරද්දි ටිකක් අපහසුයිනෙ. ඉතිං මේක ගොඩක් දිග කතාවක් නම් නෙවෙයි. කොටස් 6ක පොඩි විද්‍යා ප්‍රබන්ධ කතාවක්. ඒක තෑග්ගක් නිසා එක දවසින්ම කොටස් 6ම ඔයාලට බලන්න දීලා තියෙනවා. එහෙනම් ඔයාලා කතාව රසවිඳියි කියලා සින්ඩරෙල්ලා හිතනවා.....
කතාව කෙටියෙන්.......
තම රැකියාව පසුපස හඹා යමින් තම දරුවන් දෙදෙනා අතහැර ගිය විද්‍යාඥයෙක් අවසානයේ රූමත් උසස් පාසල් දැරියක මෙන් පෙනෙන කෘතිම බුද්ධි රොබෝවක් නිර්මාණය කිරීමට සමත් වෙයි. ඔහුගේ නව නිපැයුම සමහර නීච පුද්ගලයන් අතට පත් නොවීමට, නව නිපැයුම්කරු තම වැඩිහිටි දරුවන්ට හට රොබෝව ගැනීමට බාර දෙයි.
උසස් පාසල් ගුරුවරියක් වන දියණිය, රොබෝවරයා එක්සත් ජනපදයෙන් මාරු වූ ඇගේ ඥාති සොහොයුරිය වන ඇනී ලෙස තම පාසලට ඇතුළත් කරයි.
ඇනී පාසලේ නව මිතුරු මිතුරියන් එක්ක එකතු වෙයිද? මිනිස්සුන් සමග සිටීමෙන් මිනිස් හැඟීම් වටහා ගැනීමට ඇනීට හැකි වේවිද....