top of page
flower boy next door.jpg
Flower Boy Next Door  
අසල්වැසි ගෙදර මල් කොල්ලා
 
 

කතාංග                         : 16

2011 ජුනි 27 සිට 2011 ජූලි 17 දක්වා ප්‍රකාශයට පත්වූ “I Watch Him Every Day/나는 매일 그를 훔쳐본다” වෙබ් ටූනය ඇසුරෙන් සකසා ඇත.

 

තමන් වාසය කරන මහල් නිවාස ගොඩනැගිල්ලට අල්ලපු ගොඩනැගිල්ලේ තමන්ගේ කවුළුවට ඉදිරිපසින් ඇති නිවසේ ඔත්තු බැලීමට ගෝ ඩොක් මී පුරුදුව ඇත. 402 අංකයෙන් යුතු මහල් නිවාසයේ ජීවත් වන ඇය ඇයටම වෙන් වූ ලෝකයට ජීවත් වන  යුවතියකි. ඇගේ එකම විනෝදාංශය වෙන්නේ තමන්ගේ අසල්වැසියාගේ දිනචර්යාව දෙස බලා සිටීමයි.

 

මේ අසල්වැසි නිවසේ ජීවත් වන හන් ටේ ජූන්ගේ ඥාති සොහොයුරෙකු වන එන්රික් ගියුම් කොරියාවට පැමිණෙන අතර ඔහු නවාතැන් ගන්නේ හන් ටේ ජුන්ගේ නිවසෙයි. ඔහුගේ රැකියාව වීඩියෝ ක්‍රීඩා නිර්මානය කිරීම වන අතර ඔහු ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇති අයෙකි.

ඩොක් මි ගේ නිවසේ අසල්වැසියා වන 401 නිවසේ පදිංචිව සිටින්නේ වෙබ්ටූන් නිර්මාණකරුවෙකු වන ඔහ් ජින් රක් නම් තරුණයයි. ඔහු තමන්ගේ අතීතයේ ඇතැම් දේ සඟවමින් මෙහි ජීවත් වෙයි.

මහල් නිවාසයට පැමිණි දා සිටම ඩොක් මි ගැන අවධානයෙන් පසු වන ජින් රක් ඇය ඇසුරෙන් වෙබ් ටූනයක් නිර්මාණය කරන අතර ඩොක් මි ගැන කැමැත්තකින්ද පසුවෙයි. එන්රික් විසින් පළමු දිනයේම ඩොක් මි ඔත්තු බලනා බව දැනගන්නා අතර ඔහු එයින් කෝප වී ඇය සමග දබරයට පැමිණෙයි. එහිදී ඩොක් මි ගැන වඩා හොඳින් දන්නවා යැයි සිතාගෙන සිටින ජින් රක්  ඇගේ ආරක්ෂාවට ඉදිරිපත් වුනත් මේ තිදෙනාගේ මේ හමුව නොසිතූ දිශාවකට ගලාගෙන යයි..

ඔයාලට පේනවා වගේම මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කවුන්ට් එකක් ගණනය වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාලා උපසිරැසි ගනිද්දි පුංචි කමෙන්ට් එකක් හරි තරුවක් හරි දාගෙන යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා මගේ ආත්මතෘප්තිය වෙනුවෙන්.
 

 
bottom of page