ශින් වූ යෝ කඩවසම් මහාචාර්යවරයෙක් වුනත් ඔහු වයස අවුරුදු 999ක වල්ග නවයක් ඇති හිවලෙක් වෙයි. ඔහු තමන් තුල ඇති කිරිගරුඬ ඇටය තුලට මිනිස් ශක්තිය එකතු කරමින් ඉතා ඉක්මනින්ම මිනිසෙකු වීමට මගබලමින් හිඳින කෙනෙකි.
ලී ඩෑම් විශ්වවිද්‍යාල සිසුවියක වන අතර තමන්ගේ සහෝදරයත් මිතුරියනුත් සමග විනෝදයෙන් කල් ගෙවයි.
එක් දවසකදි තමන්ගේ බේබදු මිතුරකු නිසා අහම්බෙන් ශින් වූ සහ ලී ඩෑම් හමුවෙන අතර එහිදී සිදුවන හදිසි අනතුරකින් වසර 999ක් ආරක්ෂා කරගෙන සිටි ශින් වූ යෝ සතු වටිනා කිරිගරුඬ ඇටය ලී ඩෑම් තුලට ඇතුලු වෙයි. තමන්ගේ වටිනාම වස්තුව නැවත ලබාගැනීමට අවශ්‍ය නිසා ශින් වූ ලී ඩෑම් හට තමන් සමග වාසයට එන ලෙස පවසයි. මේ වනතුරු පෙම්වතෙක්වත් නැති ලී ඩෑම් හට මෙය අමුතුම අත්දැකීමක් මෙන්ම බියජනක හැඟීමක්ද වෙයි. කෙසේ වුවත් මේ කිරිගරුඬ ඇටය මිනිස් සිරුරක් තුල තබාගත හැක්කේ වසරක් පමණක් බවත් වසරක් ගෙවී ගිය පසු ඒ මිනිස් සිරුර අහිති පුද්ගලයා මියයන බවත් ලී ඩෑන්ට දැනගන්නට ලැබෙයි.