top of page
my mister.jpg

My Mister 

සත්පුරුෂයා

 
 
 
 

කතාංග                         : 16

40 හැවිරිදි වියේ පසුවන පිරිමියෙක් හා 20 වන වියේ පසුවන තරුණියක් එකිනෙකාගේ ජීවන බර දරාගැනීමට එකිනෙකාට උපකාර කරගන්නා ආකාරය මෙම කතාවෙන් විදහා දැක්වෙයි.

 

ඩොන්ග් හුන් යූන්-හී සමඟ විවාහව සිටින අතර ඇය ඔහු සේවය කරන ඉදිකිරීම් සමාගමේ ජේෂ්ඨ විධායක නිලධාරියෙකු සමඟ රහසිගතව සම්බන්ධයක් පවත්වයි. යූන්-හීට අවශ්‍ය වන්නේ ඩොන්ග් හුන් දික්කසාද කර විධායක ජූන්-යන්ග්  සමඟ විවාහ වීමටයි. ඩොන්ග් හුන්ට සහෝදරයින් දෙදෙනෙක් සිටින අතර ඔවුන් ඔහුගේ මව සමඟ ජීවත්වෙයි. වැඩිමහල් සහෝදරයා වන සන්ග්-හූන් හට රැකියාවක් නොමැති අතර ඔහු තම බිරිඳගෙන් වෙන්වී ඇත. ගි-හූන් බාල සහෝදරයා වන අතර ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමට බලාපොරොත්තුවෙන් සිටියි.

 

මේ අතර, තනිවම ගමන් කිරීමට නොහැකි ඇගේ ආච්චිවද රැකබලාගෙන ජි-අන් ඉතා දුෂ්කර ජීවිතයත් ගත කරන අතර ඇය දැඩි ණය බරින් මිරිකී පොලී කරුවන් වන ක්වන්ග්-ඉල් ගේ හිරිහැරයට ලක් වෙයි. ඇය ඩොන්ග්-හුන් සේවය කරන ඉදිකිරීම් සමාගමේම තාවකාලික සේවිකාවක් ලෙස සේවය කරයි. දිනක් ඇය ඩොන්ග්-හුන්ට මිලියන 50 ක අල්ලසක් ලැබෙන බව දකින් අතර නැවත රෑ කාර්යාලයට යන ඇය ඩොන්ග්-හුන්ගේ මේසයෙන් තෑගි සහතික ලබා ගනී. තෑගි සහතික සමඟ ඇය ණය ගෙවීමට උත්සාහ කළද ඇගේ සැලැස්ම අසාර්ථ. වෙයි.

 

සමාගමේ උප සභාපති ජූන්-යන්ග් ඩොන්ග්-හුන් ගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බව ජි-අන් දැන ගන්නා අතර ඇය ජූන්-යන්ග් වෙත ගොස් ඇයට මුදල් ගෙවන්නේ නම් ඩොන්ග්-හුන් සමාගමෙන් ඉවත් කර දෙන බවට යෝජනාවක් කරයි.

ඔයාලට පේනවා වගේම මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කවුන්ට් එකක් ගණනය වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාලා උපසිරැසි ගනිද්දි පුංචි කමෙන්ට් එකක් හරි තරුවක් හරි දාගෙන යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා මගේ ආත්මතෘප්තිය වෙනුවෙන්.
 

 
bottom of page