top of page
UNFORGETTABLE LOVE.jpg

UNFORGETTABLE LOVE

අමතක නොවන ආදරය

 
 
 
 
 

කතාංග                         : 24

ඔහු හී චව්යෙන් ප්‍රසිද්ධ හී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා වගේම චින් නගරයේ ගෑණු ළමයින්ගේ සිහින කුමාරයා. පිලිවෙලට නීතියට මෙන්න නිවැරදි දත්ත අනුව හැම වැඩකම යෙදෙන්න කැමතියි.

 

හී වෙයිෆෙයි නැත්නම් ෂියො බා හරිම හුතරල් පුංචි පුතෙක්. හැබැයි බුද්ධිමත් කමින් නම් පොඩි නැහැ.  ඒත්  මේ පුංචි පුතාට මානසික රෝගයක් තියෙනවා. නාඳුනන අය එක්ක එකතු වෙන්න කැමති නැහැ වගේම ෂියෝ බා ට කතා කිරීමේ අපහසුවකුත් තියෙනවා. ඒවගේම ෂියො බා  කියන්නේ හී චව්යෙන්ගේ පුතා.

 

චින් යියුඑයි ළමා මනෝවෛද්‍යවරියක්. හරිම කරුණාවන්ත ඇය රෝහලේ ඇයගේ රෝගීන් වන පුංචි දරුවන් අතර හරිම ජනප්‍රිය චරිතයක්. පිලිවෙලට වැඩ නොකරන නිතරම විනෝදයෙන් සතුටෙන් ඉන්න කෙනෙක්.

 

තමන්ගේ පෙම්වතා තමන්ව රවට්ටපු එක ගැන දුකෙන් වගේම ඔහු තමන්ට කරපු වංචාවක් ගැන තරහින් ඉන්න චින් යියුඑයිට අහම්බයකින් ෂියෝ බා වගේම හී චව්යෙන් මුණගැහෙනවා. මේ මුණගැහීම නිසා මේ තුන්දෙනාගෙම ජීවිත වල හරි අපූරු සිදුවීම් ගොඩක් වෙනවා. ඒවා හරිම රසවත් වගේම ආදරණීය දේවල්.  වැඩිපුර කිව්වොත් කතාවෙ රසය නැතිවෙන නිසා අපි කතාව බලලම ඒවා ගැන දැනගමු නේද.... 

 

ඔයාලට පේනවා වගේම මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කවුන්ට් එකක් ගණනය වෙන්නෙ නැහැ. ඒ නිසා ඔයාලා උපසිරැසි ගනිද්දි පුංචි කමෙන්ට් එකක් හරි තරුවක් හරි දාගෙන යන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා මගේ ආත්මතෘප්තිය වෙනුවෙන්.
 

 
bottom of page