top of page
Search

Innocent Defendant - නිර්දෝශී විත්තිකරු



මෙම නාට්‍ය  2017 ජනවාරි 23 සිට මාර්තු 21 දක්වා SBS රූපවාහිනියේ විකාශය වූ දකුණු කොරියානු නීතිමය  සහ ත්‍රාසජනක ශානරයේ නිර්මාණයකි. Han Jung-hwan විසින් සැලසුම්කරණය කරන ලද සහ Choi Soo-jin මෙන්ම Choi Chang-hwan විසින් රචනා කරන ලද මෙම කතා මාලාව අධ්‍යක්ෂණය කර ඇත්තේ Jo Young-kwang,  Jung Dong-yoon, Jo Young-min සහ Kim Jang-han යන නිර්මාණශීලී අධ්‍යක්ෂවරුන් විසිනි. මෙම නාට්‍යයේ Ji Sung, Um Ki-joon, Kwon Yu-ri, Oh Chang-seok, සහ Uhm Hyun-kyung ඇතුළු තරු පිරුණු නළු නිළියන් ඇතුළත් වෙයි. Park Se-joon ගේ සංගීතය සහ San E විසින් නිර්මාණිත "Until The End (Inst.)" ආරම්භක තේමාව සමඟින් තීව්‍ර කථා වස්තුව, කථාංග 18ක් පුරා දිගහැරෙන අතර, ඒ සෑම එකක්ම මිනිත්තු 60ක් පුරා දිව යයි. Jung Min-gyun සහ Park Min-sung ගේ කැමරාකරණයත්, Jo In-hyung සහ Lim Ho-chul ගේ සංස්කරණයත් එක්ව නිර්මාණය වූ මෙම නාට්‍යය Signal Entertainment Group සහ The Story Works  විසින් නිෂ්පාදනය කරන ලද අතර කොරියානු නාට්‍ය රසිකයින් විසින් නැරඹිය යුතුම නිර්මාණයකි.


 කතා සාරාංශය.....

 

පාක් ජොන්ග් වූ යනු සෝල් මධ්‍යම දිස්ත්‍රික් අභිචෝදක කාර්යාලයේ අභිචෝදකයෙකි. දිනක් ඔහු මරණ දණ්ඩනයට නියම වූ වරදකරුවෙකු ලෙස බන්ධනාගාරයක් තුලදී නින්දෙන් අවදි වෙයි. තාවකාලික සිහිමූර්තියකින් පෙලෙන පාක් ජොන්ග් වූ හට තමා කල වරද කුමක්දැයි වටහා ගැනීමටවත් නොහැකිව අසරණ තත්ත්වයට පත් වන අතර ඔහුගේ අවසන් මතකය වෙන්නේ පෙර දින රැයේ තම දියණියගේ උපන්දිනය සමරා නින්දට ගිය බවයි. නමුත් පුදුමයක් ලෙස ඔහු අවදිව ඇත්තේ එයින් දිගු කාලයකට පසුව වන අතර ඔහුගේ වරද වන්නේ තමන්ගේ බිරිඳ මරා දියණියගේ සිරුර සැඟවීම බව ඔහුට දැනගන්නට ලැබෙයි. දැන් ඔහුගේ එකම අරමුණ තමන්ගේ මතකය යථා තත්වයට පත් කරගෙන නම පිරිසිඳු කර ගැනීමයි.




නම :  Defendant /피고인

ප්‍රභේදය : නීතිමය, ත්‍රාසජනක

කතාංග : 18

විකාශන දිනය : ජනවාරි  23 - මාර්තු 21

විකාශන වසර : 2017

විකාශන කාලය : සඳුදා/ අඟ. 22:00






 
 
 

1件のコメント

5つ星のうち0と評価されています。
まだ評価がありません

評価を追加
ゲスト
2024年10月04日
5つ星のうち5と評価されています。

❤️❤️❤️❤️❤️

いいね!
bottom of page