top of page
Search
Writer's picturesindarellaksub

කොරියානු නාට්‍ය කලාවේ ආරම්භය

ඔයාලා හරිම කැමතියිනෙ කොරියානු නාට්‍ය බලන්න ඉතිං ඒ හැමෝම ආසාවෙන් බලන කොරියානු නාට්‍ය කර්මාන්තය ආරම්භ වුන හැටි කියන්නයි මේ සූදානම..


හුඟක් රටවල් වල වගේම කොරියාවෙත් නාට්‍ය ආරම්භ වෙලා තියෙන්නේ ගුවන් විදුලි නාට්‍ය වලින්. 1927 තරම් ඈත කාලෙකදි ජපාන පාලන කාලෙදි තමයි මේ ආරම්භය වෙලා තියෙන්නේ. ඒත් ඒ විකාශනයෙදි 70%ක්ම නාට්‍ය විකාශය වෙලා තියෙන්නෙ ජපන් භාෂාවෙන්. 30%ක ප්‍රමාණයක් විතරයි කොරියානු නාට්‍ය වලට අවස්ථාව ලැබිලා තියෙන්නේ.


ඉන් වසර 29කට පස්සේ ඒ කියන්නේ 1956දි තමයි HLKZ-TV නමින් පර්යේෂණාත්මක මධ්‍යස්ථානයක් විදිහට රූපවාහිනී විකාශය කොරියාවේ ආරම්භ වෙන්නේ. ඉන්පස්සේ 1961 දී පළමු කොරියානු රූපවාහිනී චිත්‍රපටිය විදිහට ‘ද ගේට් ඔෆ් හෙවන්’ ( The Gate of Heaven’) විකාශනය වුනත් ඒ වෙද්දි රට ඇතුලෙ රූපවාහිනී නොතිබුන නිසා මේ චිත්‍රපටියට ඒ තරම් පිළිගැනීමක් ලැබෙන්නෙ නැහැ. ඒ වගේම පසු කාලෙකදි ඇතිවුන ගින්නකින් මේ මධ්‍යස්ථානය අත්තිවාරමත් සමගම ගින්නෙන් විනාශ වුනා කියලයි කියවෙන්නේ.


1950 - 1960 දශකය තුළ කොරියාවෙ තිබුන යුද්ධය හේතුවෙන් ආතතියට පත්වුන මිනිස්සුන්ගෙ ආතතිය නැති කරන අදහසින් තමයි ඔවුන් මේ වගේ නාට්‍ය ඔවුන් නිර්මාණය කරන්න පෙළඹිලා තියෙන්නේ. ඒ නාට්‍ය වලින් මේ ආතතියෙන් පෙළෙන මිනිස්සුන්ගෙ හිත් වල ඔවුන්ට වඩා හොඳ ලෝකයක් පගැන බලාපොරොත්තුවක් දෙන්න ඔවුන්ට හැකිවුනත් ඒ කාලෙදි ඒක බොහොම දුර්ලභ උත්සහයක් වුනාලු.


1961 දී කොරියාවේ පළමු ජාතික විකාශන නාලිකාව විදිහට කේබීඑස් (KBS - Korean Broadcasting System 1) වගේම ඉන්පස්සේ ඔයාලා දැන් ආසාවෙන් බලන කොරියානු නාට්‍ය විකාශය වෙන විකාශන ආරම්භ වෙලා තියෙනවා. අපි ඒ ගැනත් ඉස්සරහට විස්තර දැනගමු...


43 views0 comments

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page