top of page
Search

Uncontrollably fond - අසීමිත පෙම


.

ශින් ජුන් යන්ග් සහ නෝ යුල් තම යොවුන් වියේදී අයහපත් සබඳතාවක් හේතුවෙන් වෙන් වූ නමුත් පසුව වැඩිහිටි වියේදී පාසල් මිතුරන් ලෙස නැවත මුණගැසෙයි. ශින් ජුන් යන්ග් දැන් ඉහළම ජනප්‍රියත්වයෙන් යුතු නළුවෙකු සහ ගායකයෙකු වන අතර නෝ යුල් වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරියක් ලෙස සේවය කරයි.


නෝ යුල් ගේ පියා රිය අනතුරකින් මිය ගිය අතර ඒ හේතුවෙන් ඇයගේ ළමා කාලය ඉතා දුෂ්කර එකක් විය. ඒනිසා නෝ යුල්ට පාසලෙන් ඉවත් වී තමා සහ තමන්ගේ සහෝදරයා ජීවත් කරවීම වෙනුවෙන් වෙහෙස වීමට සිදුවෙයි. අනෙක් පසින්, ශින් ජුන් යන්ග් ඔහුගේ ඉදිරි ජීවිතය පැහැදිලිව සැලසුම් කර තිබුණ අතර ඔහුගේ මවට අවශ්‍ය වූයේ ඔහුව විරසක වූ පියාගේ අඩිපාරේ යැවීම සඳහා අභිචෝදකයකු කිරීමයි. නමුත් යම් සිදුවීමක් නිසා ඔහුට නීති විද්‍යාලයෙන් ඉවත් වී ගායකයෙකු හා නළුවෙකු වීමට සිදුවෙයි.


පසුව ඔවුන් දෙදෙනා නැවත එක් වන්නේ නෝ යුල් හට ශින් ජුන් යන්ග් ගේ වාර්තා චිත්‍රපටය රූගත කිරීමට භාර වූ විට වාර්තා චිත්‍රපටය රූගත කිරීමට අවශ්‍ය නිෂ්පාදකයාට එම වාර්තා චිත්‍රපටය රූගත කිරීමට කැමැත්ත ලබා දීම සඳහා ඔහුට ඒත්තු ගැන්විය හැකි බව පැවසීමෙන් පසුවය. ශින් ජුන් යන්ග් මුලදී නෝ යුල් හට දුක්ඛිත කාලයක් ලබා දෙන අතර අවසානයේ වාර්තා චිත්‍රපටය කිරීමට එකඟ වෙයි. එලෙසම පාසල් කාලයේ සිට තම හිත තුල නෝ යුල් වෙනුවෙන් පැවති ආදරය වෙනුවෙන් නැවත ඇයගේ හදවත නැවත දිනා ගැනීමට ඔහු උත්සාහ කරයි.




නම : Uncontrollably Fond / 함부로애틋하게

ප්‍රභේදය : ප්‍රේමාන්විත, ප්‍රහසන, උද්වේග නාට්‍යය

කතාංග : 20

විකාශන දිනය : ජුලි 06 - සැප්තැම්බර් 08

විකාශන වසර : 2016

විකාශන කාලය : බදාදා/ බ්‍රහස්පතින්දා 22:00










 
 
 

Commenti

Valutazione 0 stelle su 5.
Non ci sono ancora valutazioni

Aggiungi una valutazione
bottom of page