Oh My Venus - දේගු දෙවඟන
- sindarellaksub
- Jan 24, 2022
- 1 min read
ඔබ සිත සකසා ගතහොත් ඔබට ඕනෑම දෙයක් කල හැක.
ඔබ එය විශ්වාස කරන්නේ නම් ඔබට එය කළ හැකියි.
මන්ද ඔබට එය කළ හැකි බව ඔබ විශ්වාස කරන බැවිනි.
කිම් යොන්ග් හෝ යනු හොලිවුඩ් තරු පුහුණු කරන පුද්ගලික පුහුණුකරුවෙක් වන අතර නිළියක් සමඟ ඇති වන අපකීර්තියකින් පසු ඔහු තම පවුලට මුහුණ දීමට අකමැත්තෙන් නැවත කොරියාවට පැමිණෙයි. ඔහු ධනවත් පවුල් පසුබිමකින් පැවත එන අයෙකු වුවද, ඔහුගේ ළමා කාලය තුළ ඔහුට දරුණු අසනීප තත්ත්වයක් තිබී ඇති අතර දැන්, ඔහු සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමෙන් ඔහුගේ ගැටළු ජය ගෙන ඇත.
කන්ග් ජු යුන් 33 හැවිරිදි නීතීඥවරියක් වන අතර ඇය වරක් ඇගේ පාසලේ රූමත්ම ශිෂ්‍යාව ලෙස "දේගු දෙවඟන" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇත. වසර ගණනාවකින් පසු අසනීප තත්ත්වයක් නිසා අධික තරබාරු තත්ත්වයට පත් වෙන ඇයව ඇගේ පහලොස් වෙනි සංවත්සරය දවසේ ඇගේ පෙම්වතා අතහැර දමයි.
අහඹු සිදුවීමකින් කන්ග් ජු යුන් සහ කිම් යොන්ග් හෝ හමුවෙන අතර, ඇය නිරෝගීව සිටීමට උපකාර කිරීම සඳහා ඇයගේ පුද්ගලික පුහුණුකරු වීමට ඔහු එකඟ වෙයි. මේ පුහුණු කාලය අතරෙදී එකිනෙකා ගැන සෙනෙහසින් බැඳෙන ඔවුන් දෙදෙනා තමන්ගේ චිත්තවේගීය තුවාල සුවකර ගැනීමට එකිනෙකාගෙ සහය පතයි.
නම : Oh My Venus /오 마이 비너스
ප්‍රභේදය : මිත්‍රත්ව, විකට, නීතිය, ආදර, ජීවිතය, නාට්‍ය, ක්‍රීඩා
කතාංග : 16
විකාශන දිනය : නොවැම්බර් 16 - ජනවාරි 05
විකාශන වසර : 2016
විකාශන කාලය : සඳුදා/ අඟහරුවාදා 21:55

Comments