top of page
Search

Mad Dog - යුක්තිය උදෙසා..

Updated: Apr 1, 2024


.

හිටපු පොලිස් නිලධාරියෙක් මෙන්ම ටේයන්ග් රක්ෂණ සමාගමෙහි විමර්ශක කණ්ඩායමේ නායකයා වන චෝයි කන්ග් වූ, ඔහුගේ බිරිඳ සහ පුතාගේ ජීවිතය බිලිගත් ගුවන් අනතුරකින් පසුව, ඒ ගැන සත්‍ය එලි කර ගැනීම වෙනුවෙන් ඔහුගේම විමර්ශන කණ්ඩායමක් නිර්මාණය කිරීමට තීරණය කරයි. Mad Dog නමින් ආරම්භ වෙන මෙම කණ්ඩායම රක්ෂණය සම්බන්ධයෙන් සිදුකරන වංචා සෙවීම තම මූලික කාර්යය ලෙස කරගෙන යයි. මෙසේ වසර දෙකක් ගෙවී යෑමෙන් පසුත් ඔහු තමන්ගේ බිරිඳ සහ පුතා බිලි ගත් අනතුරේ සත්‍ය සෙවීම කරගෙන යන අතරතුර ඔහු නොසිතූවිරූ කරුණු රාශියක් එලි කරගැනීමට සමත් වෙයි. මේ විමර්ශණය අතරතුර කිම් මින් ජුන් හෙවත් ජන් ගෙබරෝ නමින් කෙනෙක් ඔවුන්ට එකතු වෙයි. ඔහු දක්ෂ වංචාකරුවකු වන අතර ඔහුගේ සහෝදරයා ද අනතුරට ගොදුරු වූ අයෙකු බව දැනගැනීමෙන් පසුව ඔවුන්ගේ එදිරිවාදිකම් සහ සහයෝගීතාවයන් ආරම්භ වෙයි.




නම : Mad Dog / 매드독

ප්‍රභේදය : ක්‍රියාදාම, ත්‍රාසජනක, අභිරහස්

කතාංග : 16

විකාශන දිනය : ඔක්තොම්බර් 11 - නොවැම්බර් 30

විකාශන වසර : 2017

විකාශන කාලය : බදාදා/ බ්‍රහස්පතින්දා 22:00








 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page