top of page
Search

Born Again - නැවත ඉපදෙමු

Updated: May 16, 2020

මේ කතාවෙන් කියවෙන්නේ පුද්ගලයින් තුන් දෙනෙක් ජීවිත දෙකකදි හමුවෙන හැටි. ජීවිත දෙකකදි කියන්නේ නැවත ඉපදීමකින් පස්සේ..


1980 දි එකම ප්‍රදේශයක එකිනෙකාට සමීපව විවිධ ජීවත ගෙවපු පිරිමි දෙන්නෙක් වගේම එක් කාන්තාවක් ආයෙමත් ඒ ජීවිතය අවසන් කරල මිය ගිහින් නැවත ඉපදීමෙන් පසු ආයෙමත් වර්තමාන කාලෙදි එකිනෙකා හමුවෙන හැටියි මේ කතාවෙන් කියවෙන්නේ.


v 1980 දී කොන්ග් ජි චොල් කියන්නේ තමන්ගෙ තාත්තගේ නරක වැඩ වලට අකමැති ඒ ජීවිතය ප්‍රතික්ෂේප කරන සමාජයෙන් වසන් වෙලා ජීවත් වෙන්න හදන තරුණයෙක්. වර්තමානයේ ඔහු චියොන් ජොන්ග් බොම් නම් වෛද්‍ය සිසුවෙක්

v 1980 දී ජන්ග් හා යුන් කියන්නේ හදවත් රෝගයකින් පෙලෙන තරුණියක්. ඇයට පරණ පොත් විකුණන පැරණි අනාගතය පොත් සාප්පුවක් තියෙනවා. වර්තමානයේ ඇය ජන්ග් සා බින් නම් පුරාවිද්‍යා උපදේශිකාවක්.

v 1980 දී චා හයින් බින් කියන්නේ එකම කාන්තාවකට විතරක් ආදරේ කරන බොහොම නීතිගරුක රහස් පරීක්ෂකයෙක්. වර්තමානයේදී ඔහු කිම් සෝ හයික් නම් තමන්ගේ උප්පත්ති හැකියාව විශ්වාස කරන අභිචෝදකයෙක්.

එයාලා ආයෙත් ඉපදිලා පරණ ජීවිතේ සම්බන්ධකම් මේ ආත්මෙදි ගැලපෙන හැටි අපි බලමු...


නම                               :  Born Again/본 어게인

ප්‍රභේදය                        : අභිරහස්, මන:කල්පිතයක්

කතාංග                         : 32

විකාශන දිනය              : අප්‍රිෙයල් 20 - ජුනි 09

විකාශන වසර              : 2020

විකාශන කාලය           : බදාදා සහ බ්‍රහස්පතින්දා  22:00




 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page