top of page
Search

HOSPITAL PLAYLIST 02 - අපූරු මිතුරෝ 02

Updated: Oct 11, 2024


මිත්‍රත්වය යනු පැහැදිලි කිරීමට ලොව ඇති දුෂ්කරම දෙයයි. ඒක ඉස්කෝලේ ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. නමුත් ඔබ මිත්‍රත්වයේ අරුත ඉගෙන ගෙන නැත්නම්, ඔබ ඇත්තටම කිසිවක් ඉගෙන ගෙන නැත.

මොහොමඩ් අලි

2020 මාර්තු මාසයේ TVN මාධ්‍යජාලයේ විකාශය වුන HOSPITAL PLAYLIST වෛද්‍ය ගනයේ නාට්‍යමාලාව බැලුවට පස්සේ හැමෝම මග බලාගෙන හිටියෙ ඒ කතාවෙ දෙවෙනි කතා මාලාව බලන්න. ඔන්න එහෙනම් දැන් ඒක බලන්න පටන් ගන්නයි යන්නේ. කතාව ගැන නම් කියන්න තරම් විස්තරයක් නැහැ. පසුගිය කතා මාලාව අවසන් වුන තැනින්ම පටන් ගන්න දෙවෙනි කතා මාලාව අවුරුදු දෙකක කාල පරාසයක් දක්වා දිවෙනවා.


පළවෙනි කතා මාලාවේ ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාල ජීවිතය මෙන්ම රෝහලේ සේවා ආරම්භය ගැන කියවුන අතර දෙවෙනි කතා මාලාවෙන් කියවෙන්නෙ ඔවුන්ගේ ආදර ජීවිතය සහ එකිනෙකාගෙ පෞද්ගලික ජීවිත පැතිකඩ ගැනයි.


කොරියාවේ වෛද්‍ය නාට්‍යමාලා කොයි තරම් විකාශය වුනත් HOSPITAL PLAYLIST තරම් ඒ එක කතාමාලාවක් වත් ජනප්‍රිය නොවුන බව තමයි අදහස වෙන්නේ. 2020දී ප්‍රදර්ශණය වුන පළවෙනි කතාමාලාව දේශීයව මෙන්ම ජාත්‍යන්තරව අතිශය ජනප්‍රියත්වයට පත් වුන නිසාම ඔවුන් දෙවෙනි කතාමාලාවක් නිෂ්පාදනය කර තිබෙනවා.


මෙහි ජනප්‍රියත්වය කොතරම්ද කියනව නම් 2021 ජුනි 17 විකාශය වුන දෙවෙනි කතා මාලාවේ පලවෙනි කථාංගය නීල්සන් කොරියා වාර්තාවට අනුව, පළමු කථාංගය 10.007% නරඹන්නන් ප්‍රමාණයක් වාර්තා කළ රූපවාහිනී ජාල ඉතිහාසයේ ඉහළම මංගල ශ්‍රේණිගත කිරීම් සඳහා වූ වාර්තාව පිහිටුවා තිබෙනවා.





නම : Hospital Playlist 2 /슬기로운의사생활 2

ප්‍රභේදය : වෛද්‍ය, ආදර, හාස්‍ය කතාංග : 12 විකාශන දිනය : ජුනි 17 - සැප් 16 විකාශන වසර : 2021

විකාශන කාලය : බ්‍රහස්පතින්දා 21:00








 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page