top of page
Search

Hi! School - Love On - සොඳුරු පාසල් ප්‍රේමය

ලී සුල් බී දේවදුතයෙක් වන අතර ඇය පොළවට එවන්නේ ශින් වූ හයින් රැකබලාගන්නයි. ශින් වූ හයින් තමන්ගේ දෙමව්පියන් අතහැර දැමීමේ දුකත් එක්ක තමන්ගේ ආච්චිත් එක්ක ජීවත් වෙන පාසලේ ජනප්‍රිය හොඳ පෙනුමක් වගේම හොඳ ගායන හැකියාවකුත් ඇති තරුණයෙක්. සොන්ග් යොල් තමයි පාසලේදි ශින් වූ හයින්ගෙ මිතුරා වෙන්නේ. මේ මිතුරුකම ඇතිවෙන්න ඒ තරම් ලේසි වෙන්නෙත් නැහැ. ඒත් යී සුල් බී ආවයින් පස්සේ මේ දෙන්නටම මේ අපූරු තරුණිය ගැන ආදරයක් හිතෙනවා. ඉතිං ඒකෙ ප්‍රතිපලය විදිහට හොඳම යාලුවො දෙන්නා හොඳම ප්‍රතිවාදින් වෙනවා. ඒත් මොන හේතුව නිසාවත් වෙන් වෙන්න බැරි හේතුවකුත් මේ දෙන්නගෙ ජීවිත ඇතුලේ හැංගිලා තියෙනවා.




නම : Hi! School - Love On / 하이스쿨 - 러브온

ප්‍රභේදය : ෆැන්ටසි, යෞවන, පාසැල්, රොමෑන්ස් කතාංග : 20 විකාශන දිනය : ජුලි 11 - දෙසැ.19 විකාශන කාලය : සිකුරාදා 20:55 විකාශන වසර : 2014
















 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page