Descendants of the Sun - හිරු දරුවෝ
- sindarellaksub
- May 20, 2020
- 1 min read
යූ ෂි ජින් කියන්නේ විශේෂ බලකා කණ්ඩායමක නායකයෙක්. ඔහුගෙ ලඟම සගයා වගේම කණ්ඩායමේ දෙවෙනියා වෙන්නේ මේජර් ඩේ යොන්ග්. තමන්ගේ රාජකාරියෙන් නිවාඩු ඇවිල්ලා ඉන්න වෙලාවක මේ දෙන්නා යතුරුපැදි හොරෙක්ක අල්ලගන්නවා. ඒ වෙලාවේ වෙන සිද්ධියෙදි මේ හොරාව රෝහලට යවන්නෙත් මේ දෙන්නම තමයි. ඒත් කාටවත්ම නොපෙනෙන්න ඒ වෙලාවෙ මේ හොරා මේජර් ඩේ යොන්ග් ගේ ජංගම දුරකථනය හොරකම් කරනවා. තමන්ගෙ දුරකතනය හොයාගන්න මේජර් ඩේ යොන්ග් වගේම කැප්ටන් ෂි ජින් දෙන්නා රෝහලට යනවා. එතන ඉන්නවා ලස්සන තරුණ වෛද්‍යවරියක්. ඇය මේ දෙන්නා කියන කිසිම දෙයක් පිලිගන්න සූදානමක් පෙන්නන්නෙ නැහැ. ඒත් මිතුරගෙ දුරකතනය සොයාගැනීම වෙනුවට කැප්ටන් ෂි ජින්ට මේ ලස්සන වෛද්‍යවරිය ගැන හිත යනවා..
නම : Descendants of the Sun/ 태양의 후예 ප්‍රභේදය : රොමැන්ස්, මෙලෝඩ්‍රාමා, ප්‍රහසන කතාංග : 16 විකාශන දිනය : පෙබ. 24 - අප්‍රියෙල් 22 විකාශන කාලය : බදාදා සහ බ්‍රහස්පතින්දා 22:00 විකාශන වසර : 2016

Comments