top of page
Search

Clean With Passion For Now - ආසාවෙන් පිරිසිඳු කරමු


ජන්ග් සොන් ග්යොල් ධනය සහ හොඳ පෙනුම ඇති තරුණයකු වන නමුත් දරුණු mysophobia (විෂබීජ වලට ඇති බිය) වලින් පෙළෙයි. ඔහු පිරිසිඳු කිරීමට උමතුවෙන් මෙන් පෙළඹී සිටින අතර ඔහුගේම පිරිසිඳු කිරීමේ සමාගමක්ද පවත්වාගෙන යයි. එක් දිනක්, ඔහුට ගිල් ඕ සොල් නම් නොසැලකිලිමත් සහ අපිරිසිදු දැරියක් මුණගැසෙන අතර පසුව ඇය නව සේවිකාවක් ලෙස ඔහුගේ සමාගමට ඇතුළු වෙයි. ඕ සොල් පූර්ණ කාලීන රැකියාවක් සඳහා උත්සාහ කරන අතරම සියලු ආකාරයේ අර්ධ-කාලීන රැකියා කරමින් සිටින නිසා ඇය සිතන්නේ පිරිසිඳු වීම වැනි සුඛෝපභෝගී දෙයක් වෙනුවෙන් ඇයට කාලය නොමැති බවයි. ඇය ලෝකයේ දුෂ්කර යථාර්ථයට මුහුණ දීමෙන් පසු පිළිවෙළකට සිටීම අත්හැර දැමූ අතර සෑම විටම ඇගේ වෙළඳ ලකුණු ට්‍රැක් සූට් ඇඳීමට ප්‍රසිද්ධව සිටී. නමුත් ඇය දීප්තිමත් පෞරුෂයක් සහිත යුවතියක් නිසා ඇගේ උපකාරයෙන් ජන්ග් සොන් ග්යොල් ඔහුගේ mysophobia වලට මුහුණ දෙන අතර ඇය සමඟ ආදරයෙන් බැ‍ඳෙයි.



නම : Clean With Passion For Now /일단 뜨겁게 청소하라

ප්‍රභේදය : විකට, ආදර

කතාංග : 16

විකාශන දිනය : නොවැම්බර් 26 - පෙබරවාරි 04

විකාශන වසර : 2018

විකාශන කාලය : සඳුදා/ අඟ. 21:30




ree








 
 
 

Commentaires

Noté 0 étoile sur 5.
Pas encore de note

Ajouter une note
bottom of page